අපි ඇවිත් රු. 470ට තිබ්බ පෙට්‍රල් 370ට අඩු කළා… අවම මිලට අගෝස්තු වෙනකල් තෙල් ඇනවුම් කළා…! – නි. ඇමති රුවන් රණසිංහ….

March 23, 2026 at 12:53 pm | by emanisa.lk

තමන් ආණ්ඩුව භාරගන්නා විට මේ රටේ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රු. 470ක් වූ බව නි. අමාත්‍ය රුවන් රණසිංහ පවසයි.

මේ වන විට එහි මිල රු. 370 දක්වා අඩු කර ඇති බවද ඔහු පෙන්වා දෙයි.

ලෝකයේ යුද තත්ත්වයක් පැවතියද අවම මිලක් යටතේ අඛණ්ඩව තෙල් සැපයීම සඳහා අගෝස්තු දක්වා තෙල් ඇනවුම්කර ඇති බවද නි. ඇමතිවරයා අවධාරණය කරයි.

මෙවැනි අර්බුදයකට මුහුණදිය හැකි ශක්තිමත් ආර්ථිකයක් කෙටිකාලීනව ගොඩනගාගත හැකිවීම ගැන සතුටු වන බවත් වෙනත් ආණ්ඩුවක් පැවතියේ නම් දැනටමත් රට පුරා තෙල් පෝලිම් දැකගත හැකි වනු ඇති බවත් රුවන් රණසිංහ ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *