පහුගිය ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරුන් විදිහට තමන්ට ඉන්ධන කෝටාව ලැබුණේ මාසයකට ලීටර 600ක් බව හිටිපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ පවසයි.
එහෙත් වර්මාන ආණ්ඩුව එම ඉන්ධන කෝටාව ලීටර 900 දක්වා ඉහළ නංවා ගෙන ඇති බවට ඔහු චෝදනා කරයි.
එසේ කරන ආණ්ඩුවේ ඇමතිවරුන් ජනතාවට පොල් සම්බල් නොකන ලෙසත් පොල් නොමිරිකන ලෙසත් දැනුම් දෙමින් ඇතැයි ද ඉන්දික අනුරුද්ධ සඳහන් කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ දී මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.