මේ අවස්ථාවේ ආණ්ඩුවට මුදල් නොමැති බවත් අපේ රටේ පමණක් නොව සියලු ම රටවල ප්‍රශ්න ඇති වී ඇති බවත් ඇමැති නිමල් සිරිපාල ද සිල්වා පවසයි.
මෙවැනි අවස්ථාවක ආණ්ඩුව අතහැර යා නොහැකි බව ඔහු අවධාරණය කරයි.
ශ්‍රීලනිපයේ ඇතැම් පිරිස් ද ආණ්ඩුවෙන් ඉවත් වන ලෙස ඉල්ලීම් කරන බව ඇමැතිවරයා අනාවරණය කරයි.
එලෙස ආණ්ඩුවෙන් ඉවත්ව ගියහොත් ජනතාවට වැඩ කර දෙන්නේ කෙසේ දැයි නිමල් සිරිපාල ද සිල්වා ප්‍රශ්න කරයි.