මේ රටේ පරම්පරා ගණනාවකට කළ නොහැකි වූ දේ පරම්පරා දහයක් වෙනුවෙන් තමන් ඉටු කර ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි.
ආණ්ඩුවට කළ හැකි උපරිමය මේ වන විට කර අවසන් බවත් ආත්ම ගණනකට ආණ්ඩුව පෙරළිය නොහැකි බවත් ඔහු අවධාරණය කරයි.
විපක්ෂයට කළ හැකි එකම දේ තමන් කිසිදා ප්‍රකාශ නොකළ දෑ ප්‍රකාශ කළේ යැයි බොරු කීම පමණක් බව ද නි. ඇමතිවරයා ප්‍රකාශ කරයි.
ඔහු මේ බව සඳහන් කළේ ජාතික ජන බලවේග ජනහමුවකට එකතු වෙමිනි.