අපරාධකාරයෝ 07ක් භාරවෙනවා කියලා මාස හතයි… තවම එකෙක් භාරවුණේ නෑ…ආණ්ඩුව අපරාධ මර්දන show කරනවා…!

January 29, 2026 at 11:52 am | by emanisa.lk

ආණ්ඩුවේ වැඩපිළිවෙළ ගැන පැහැදී පාතාළ අපරාධකාරයන් හත් දෙනෙක් භාරවීමට සූදානම් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කොට මාස හතක් ගතවන බව සමගි ජන බලවේගයේ නීතීඥ තාරක නානායක්කාර පවසයි.

“ආනන්ද විජේපාල ඇමතිවරයා මීට මාස හතකට කලින් තමයි, අපරාධකරුවෝ හත් දෙනෙක් ඔබතුමන්ලා අල්ලං යන විදිහ හොඳයි, අපරාධකාරයෝ විදිහට අපට රිස්ක් එකක් තියෙනවා. ඒ නිසා භාර වෙනවා කිව්වා කියලා කීවේ.

එක්කෙනෙක් ඇවිත් භාරවෙලා නෑ. රට රවට්ටන්න මාලිමාණ්ඩුවෙන් කියන කතා මේ. මේවාට මිනිස්සු ඇන්දිච්ච කාලයක් තිබුණා. දැන් ඒ කාලේ අවසන්. ආණ්ඩුව අපරාධ මර්දනය කරනවා කියලා ලොකු සංදර්ශන ව්‍යාපාරයක ඉන්නවා.”

තාරක නනායක්කාර මේ බව ප්‍රකාශ කළේ පසුගියදා (27) සිරස දවස වැඩසටහනට එකතු වෙමිනි.

ඊට ප්‍රතිචාර දක්වමින් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික හෙට්ටිආරච්චි ප්‍රකාශ කළේ මේ වන විට අපරාධකරුවන්ට ගැලවීමක් නොමැති බව දන්නා නිසා භාරවීමට සාකච්ඡා පවත්වන බවත් එය හදිසියට සිදුනොවන බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *