අපනයන ආදායම් ඉහළට… වෙළඳ හිඟයත් පහළට…!

September 7, 2025 at 10:44 am | by Namal

මෙම වර්ෂයේ මුල් මාස හතේ දී මෙරට භාණ්ඩ හා සේවා අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 12 දක්වා සියයට 6.7කින් වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තාවක් නිකුත් කරමින් පවසයි.

2025 වර්ෂයේ ජුලි මාසයේ දී වෙළෙඳ භාණ්ඩ අපනයනය සඳහා මෙතෙක් වාර්තා වූ ඉහළම මාසික ඉපයීමේ අගය වාර්තා වූ අතර ඒ ඩොලර් බිලියන 1.3ක අපනයන ආදායමකි.

ආනයන වර්ධනයට වඩා අපනයන වර්ධනය වැඩිවීම නිසා 2024 වර්ෂයේ ජුලි මාසයට සාපේක්ෂව 2025 වසරේ ජුලි මාසයේ දී වෙළෙඳ භාණ්ඩ ගිණුමේ හිඟය අඩු වී ඇති බව ද එම වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *