අපට 2/3ක් දැවැන්ත බලයක් අවශ්‍ය නෑ.. ශක්තිමත් පාර්ලිමේන්තුවක් ප්‍රමාණවත්…! – ජනපති…

November 14, 2024 at 7:26 pm | by emanisa.lk

ඉතිහාසය පුරා පාලකයන් 2/3 බලයක් ඉල්ලා සිටියේ ජනතාවට එරෙහි පනත් සම්මත කර ගැනීම සඳහා බව ජනාධිපති අනුර දිසානායක පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් තමන්ට ප්‍රමාණවත් බවත් තමන් ගෙන එන්නේ ජනතාවාදී අන පනත් නිසා කිසිවෙකුට ඊට එරෙහි වීමට නොහැකි බවයි.

ජනතාව මැතිවරණ ජයග්‍රහණය තමන් වෙත ලබා දෙන බව විශ්වාස බවත් ජයග්‍රහණයෙන් අනතුරුව සාමකාමී ලෙස එහි සතුට භුක්ති විඳින ලෙසත් ජනාධිපති අනුර දිසානායක ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (14) උදෑසන පංචිකාවත්ත අබේසිංහාරාම විහාරස්ථාන ඡන්ද මධ්‍යස්ථානයේ දී ඡන්දය භාවිත කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *