ජනාධිපති අනුර දිසානායක ප්රමුඛ ආණ්ඩුවට හෙලිකොප්ටර් ඇලජික් නැති බවත් කිසියම් අවශ්‍යතාවක් ඇත්නම් තමන් ද හෙලිකොප්ටර් භාවිත කරන බවත් අමාත්‍ය, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් පවසයි.
තමන් හෙලිකොප්ටර් භාවිත නොකරන්නේ යැයි පවසා නැති බවත් විපක්ෂයේ සිටිය දී ද ගං වතුර සුනාමි වැනි අවස්ථාවල හෙලිකොප්ටර් භාවිත කළ බවත් ඔහු ප්‍රකාශ කරයි.
එහෙත් පසුගිය ආණ්ඩුව මෙන් ජනාධිපති එක යානයක, ජනාධිපති උපදේශක තව යානයක, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තවත් යානයක උතුරට ගිය බවත් තම ආණ්ඩුව එලෙස ගුවන් යානා භාවිත නොකරන බවත් විජිත හේරත් අවධාරණය කරයි.
නෙත් ගුවන්විදුලිය සමග සාකච්ඡාවකට එකතු වෙමින් ඇමැතිවරයා මේ බව කීය.