අපට වගේ කොටස් වෙළඳපොළ උඩ දාන්න රනිල්ටවත් බැරි වුණා..! – ඇමති බිමල්…

January 5, 2025 at 5:23 pm | by emanisa.lk

කොළඹ කොටස් වෙළඳපොළ ඉතිහාසයේ කිසිම දිනක නොතිබූ මට්ටමට මේ වන විට පැමිණ තිබෙන බව වරාය, ගුවන් සේවා ප‍්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කරයි.

“අපි ආර්ථිකය ක්‍රමානුකූලව කළමනාකරණය කරගෙන යනවා. ඉතිහාසයේ කිසිම දිනයක නොතිබුණු මට්ටමට කොටස් වෙළෙඳපොළ අද ඇවිල්ලා. මහා ආර්ථික ඔස්තාද් කියල පම්පෝරි ගහන රනිල්ගේ කාලෙ එහෙම වුණෙ නෑ.

මිනිස්සු අපේ ආණ්ඩුවෙන් ප්‍රාතිහාර්ය බලාපොරොත්තු වෙන්නෙ නෑ. මොකද ඒ අය මෙච්චර කාලයක් මහින්දලගේ රනිල්ලගේ ආණ්ඩුවලින් පාලනය වෙලා පතුළටම වැටිල හිටපු අය. ඒක තමයි ජනතාව අපි ඉල්ලුවටත් වඩා වැඩි ජනවරමක් අපට දුන්නෙ.

මේක ජනතාව හදාගත්ත ආණ්ඩුව. ඉතිං ඒකට මිනිස්සු අකුල් හෙළන්නෙ නෑ. අපේ ආණ්ඩුව වැටෙනකම් බලාගෙන ඉන්නෙ පරාදවෙලා යන එන මං නැති දේශපාලන අනාථයො ටිකක් සහ ඒකට ආවඩන සමහර මාධ්‍ය විතරයි. ඒවට බෑ අපේ ගමන නවත්වන්න.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *