අපට රට හදන්න අවුරුදු 20ක්වත් ඕන… අවුරුදු පහේ මැජික් වැඩ අපි ළඟ නෑ…! – නි. ඇමති චතුරංග අබේසිංහ….

August 21, 2025 at 8:39 am | by Namal

රට ගොඩනැගීම සඳහා අවුරුදු 20ක පමණ පරිවර්තනීය මෙහෙයුමක් කළ යුතු බව නියෝජ්‍ය කර්මාන්ත සංවර්ධන අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි.

“මේ වැඩේට රටක් විදිහට අවුරුදු විස්සට විතර transformation එකක යන්න ඕන. ඒක දකුණු කොරියාවත් කළා. වියට්නාමයත් කළා. ඉන්දියාවත් කළා.

මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරගෙන අපි ගියොත් අපට මේ සමස්ත පරිවර්තනයට යන්න පුළුවන්. අපි බලය ගත්තේ පොඩි පොඩි වෙනස්කම්වලට නෙමෙයි. දැවැන්ත පරිවර්තනයකට බලය ගත්තේ. අපේ දේශපාලනය අවුරුදු පහකට එන කෙටි කාලීන මැජික් දේශපාලනයට සමාන කරන්න එපා.”

චතුරංග අබේසිංහ මේ බව ප්‍රකාශ කළේ, සිරස රූපවාහිනි නාලිකාවේ වැඩසටහනකට එකතු වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *