ආණ්ඩුව සොරුන් පිළිබඳ පරීක්ෂණ කරමින් සිටින නිසා සොරුන් කලබලයට පත්ව ඇති බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර පවසයි.
“ජාතික ජන බලවේගයේ අපි කිසිසේත්ම පළිගන්නෙ නෑ. අනිත් එක තමයි, තමන් බය වෙන්නෙ මොකට ද, අයථා ලෙස මුදල් හම්බ කරලා නැත්නම් ගිහිල්ලා කට උත්තර දෙන්න තියෙන්නෙ.
කට උත්තර දෙන්න තව තව ගොඩක් අයට සිදුවෙයි, තමන් හම්බ කරගත්ත දේපළ පිළිබඳව. හොරුන්ට දඬුවම් හම්බවෙනවා, හොරුන් පිළිබඳව පරීක්ෂණ කරනවා. ඒ නිසාම හොරු කලබල වෙලා ඉන්නවා. ඡන්දය දීපු ඡන්ද දායකයා අමන්දානන්දයට පත් කරමින් ජාතික ජන බලවේගය ඉදිරියට යනවා.”
දේවානන්ද සුරවීර මේ බව පැවසුවේ පසුගියදා (28) කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.