සිය ආණ්ඩුව බලයට පත්වීමට පෙර බොහෝ දෙනා තමන්ට කිසිවක් එපා රට ගොඩනැඟීම ප්‍රමාණවත් යැයි කී බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත සමරවීර පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ, එහෙත් දැන් අනික් අයට යමක් ලැබෙන විට පොඩි අරෝවකින් කතා කරන බවයි.
අද දහවල් පුද්ගලයෙක් තමාට කුණු හරුපෙන් බැණ වැදුණු බවත් ඊට විරුද්ධව පොලිසියට පැමිණිලි කරන බවත් නිශාන්ත සමරවීර සඳහන් කරයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ජන හමුවක් අමතමිනි.