අපටබේරේ වැවේ වුණත් මැයි දිනේ සමරන්න පුළුවන්..! – ජොන්ස්ටන්…

March 24, 2023 at 11:38 am | by emanisa.lk

බේරේ වැව මතුපිට වේදිකාවක වුව ද තම පක්ෂයට මැයි දින රැලිය පැවැත්විය හැකි යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යනු දැවැන්ත සංවිධාන ශක්තියක් සහිත පක්ෂයක් නිසා ලංකාවේ ඕනෑ ම තැනක දැවැන්ත මැයි දින රැලියක් පැවැත්වීමට තම පක්ෂයට හැකි යැයි ද ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කීවේය.

ඉදිරියේ දී තම පක්ෂයේ මැයි දින රැලිය දැවැන්ත ලෙස පැවැත්වීම පිළිබඳ මේ වන විටත් සාකච්ඡා පවත්වමින් තිබෙන බව ද එය පැවැත්වෙන ස්ථානය පිළිබඳ ඉදිරියේදී දැනුම්දෙන බව ද ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ ඊයේ (23) පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *