අනුර විජේවීරත් පාව දුන් ද්‍රෝහියෙක්…! වැව් දහදාහ ව්‍යාපෘතියෙන් හොරාකෑවා…! පුතාගේ මගුල කෑවෙත් මලික්ගේ සල්ලිවලින්….!

April 24, 2021 at 3:12 pm | by emanisa.lk

අනුර දිසානායක සිය පුතාගේ මගුල කෑවේ හිටපු එජාප සභාපති මලික් සමරවික්‍රමගෙන් මුදල් ලබා ගෙන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වීරසිංහ චෝදනා කරයි.

අනුර දිසානායක කෘෂිකර්ම ඇමතිවරයා ලෙස කටයුතු කළ සමයේ වැව් දහස ව්‍යාපෘතිය යටතේ පොල්කටු වැනි වැව් හාරමින් වැලි ජාවාරම්කරමින් මහා ධනස්කන්ධයක් හොරකම් කළ බවත් ඔහු අනාවරණය කරයි.

එම හොරකම් සඳහා යොදාගත් ආනන්ද විජේජාල නම් ලේකම්වරයා මෙදා අනුර දිසානායක නායකත්වය දුන් යහපාලන ආණඩුවේ දූෂණ විරෝධී කමිටුවට ද ඇතුළත් බව මන්ත්‍රීවරයා හෙළිදරව් කළේ ය.

අද මහා ප්‍රජාතන්ත්‍රවාදියෙකු ලෙස පෙනී සිටින අනුර දිසානායකලා මේ රටට මිනී මරන ආකාරය ඉගැන්වූ බවත් සිය මතයට එකඟ නොවන පන්සලේ හාමුදුරුවන් පාසලේ ගුරුවරයා පවා මරා දැමීමටත් රාජ්‍ය දේපළ වන ලංගම බස්, වී ගබඩා ආදී සියල්ල ගිනි තබා විනාශ කළ බවත් ඩී. විරසිංහ වැඩි දුරටත් පැවසුවේ ය.

https://www.youtube.com/watch?v=tNpGIYpmzVg

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස