ජනාධිපතිවරයා ලංකාව තුළ මළ ගෙදරක යෑම සහ විශේෂ ගුවන් යානයක් වෙන්කර විදෙස්ගත වීම සැසඳීම වැරදි බව අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කරයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෞද්ගලික සංචාරයක් සඳහා රාජ්‍ය දේපළ අවභාවිත කළේ යැයි නඩු පැවරුව ද වත්මන් ජනාධිපති අනුර දිසානායක නිල රථ සහ ආරක්ෂකයන් සමග සිය මව බැලීමට මෙන්ම මළ ගෙවල්වලට පවා සහභාගී වන්නේ යැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍ය වේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
රාජ්‍ය සේවකයන්ට පවා සිය රාජකාරී වාහනය පෞද්ගලික කටයුතුවලට භාවිත කළ හැකි ක්‍රමවේද චක්‍රෙල්ඛ මගින් ලබා දී තිබෙන බව ද ඇමතිවරයා පෙන්වා දෙයි.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පොදු දේපළ අවභාවිත කළ බවට ලද පැමිණිල්ලක් අනුව එම නීති කටයුතු ක්‍රියාත්මක බවත් ඊට ආණ්ඩුවේ මැදිහත් වීමක් නොමැති බවත් විජිති හේරත් ඇමතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කරයි.