අනුර ජනාධිපති වුණේ අපේ තාත්තට පිං සිද්ධ වෙන්න…! – චන්ද්‍රිකා….

September 27, 2024 at 9:21 am | by emanisa.lk

ජනතා විමුක්ති පෙරමුණ අද බලයට පත් වූයේ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා 1956 දී කළ විප්ලවය නිසා යැයි හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.

සිංහල භාෂාවට මුල් තැන දෙමින් ඉංග්‍රීසි පමණක් භාවිත වූ පාසල් අධ්‍යාපනයට සිංහල භාෂාව එක් කර ගමේ කොල්ලන්ට ද තැනකට එන්නට අවස්ථාව උදාකර දුන් නිසා අද ජවිපෙ බලයට පැමිණ ඇති බවයි, හිටපු ජනාධිපතිනිය පැවසුවේ.

නව රජය දූෂණය වංචාවට එරෙහිව ක්‍රියා කරනවා නම් තම සහායද දක්වන බව ද ඇය සඳහන් කරයි.

කෙසේ නමුත් ඔවුනට වර්තමානයේ කඩා වැටී ඇති අධ්‍යාපන නගා සිටුවිය නොහැකි බවත් ඊට හේතුවී ඇත්තේ ටියුෂන් ගුරුවරු ජවිපෙ සමග සිටීම බවත් ඇය වැඩි දුරටත් සදහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *