අනුර ගිය මග නොයා ප්‍රබුද්ධ විපක්ෂයක් හදනවා…! – දිලිත්…

October 12, 2024 at 8:11 pm | by emanisa.lk

හොරු අල්ලා හොරකම් කළේ යැයි කියන මුදල් ගෙන ආව ද මේ රට ගොඩනැගිය නොහැකි බව සර්වජන බලය නායක, ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක දිලිත් ජයවීර පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ රට ගොඩනැඟිය හැකි එකම මාර්ගය ව්‍යවසායකත්ව රාජ්‍යයක් නිර්මාණය කිරීම බවයි.

සිය පක්ෂයට උවමනා රටේ ප්‍රබුද්ධ එඩිතර විපක්ෂයක් ගොඩනැඟීම බවත් වර්තමාන ජනාධිපතිවරයා විපක්ෂයේ සිටිය දී කටයුතු කළ ආකාරයට වැඩ නොකිරීමෙන් ප්‍රබුද්ධ විපක්ෂයක් විය හැකි බවත් ඔහු සඳහන් කරයි.

එවැනි එඩිතර ප්‍රබුද්ධ විපක්ෂයක් හැමදාම විපක්ෂයේ සිටිය යුතු නැතැ බව ද දිලිත් ජයවීර අවධාරණය කරයි.

සර්වජන බලය මහ මැතිවරණ අපේක්ෂක හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *