අනුර අතේ සල්ලි නෑ.. මහින්ද කොල්ලකෑ ධනයෙන් හරි බලාගාරයක් ගහනවා…! – රංජන් ජයලාල්…

February 10, 2025 at 7:12 pm | by emanisa.lk

රටට ඉක්මනින් නව විදුලි බලාගාර අවශ්‍ය නිසා පෞද්ගලික අංශය ලවා හෝ විදුලි බලාගාර ඉදිකරවා ගැනීමේ ස්ථාවරයක සිටින බව ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් පවසයි.

පසුගියදා සුළං බලාගාරයක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය ධම්මික පෙරේරාට ලබා දුන් බව ද හෙතෙම සිහිපත් කරයි.

ජනාධිපති අනුර දිසානායකට සල්ලි නැතිත නිසා මහින්ද රාජපක්ෂ කොල්ලකාගත් ධනයෙන් බලාගාරයක් ගහන බව කියන්නේ නම් එය හෝ මේ අවස්ථාවේ ඉදිකරවා ගන්නා බව ද රංජන් ජයලාල් අවධාරණය කරයි.

මේ ආණ්ඩුව කිසිවෙකුට නොදෙන බවත් නැවත ලබා ගැනීමට හිතන්නවත් එපා යැයි ද රංජන් ජයලාල් අවධාරණය කරයි.

විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ සභාපති එම්. ඩී. ආර්. අතුල අද (10) මාධ්‍ය හමුවක් අතරතුර රංජන් ජයලාල්ට ලබා ගත් දුරකතන ඇමතුමකට පිළිතුරු දෙමින් මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *