ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේනට මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන පාලන සමයේ රජයේ බැංකුවලින් සහන පොළියට ලබාදුන් ණය පිළිබඳ විස්තර තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලා සිටින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති අසේල සම්පත් ප්‍රකාශ කරයි.
එම පාලකයන්ගෙන් සියලු වරප්‍රසාද ලබාගෙන ව්‍යාපාර ගොඩනගාගත් ඩඩ්ලි සිරිසේන, අනුර දිසානායක මේසෙට ගස රෝල්ස් රොයිස් රථයක් ගන්න අවස්ථාව දුන්පසු නැග්ග ඉනිමගට පයින් ගසා එම පාලකයන්ට කාලකන්නි යැයි චෝදනා කරන බවද ඔහු සඳහන් කරයි.
“ඔයා නිකන් බොරුවට අනුරගේ පස්ස හෝදන්න නැග්ග ඉනිමගට පයින් ගහන්න එපා” යැයිද අසේල සම්පත් ප්‍රකාශ කළේය.
ගුවන් හමුදාවෙන් ඉවත්ව විශාල ව්‍යාපාරිකයෙකු වූයේ කෙසේදැයි ඩඩ්ලි සිරිසේන රටට හෙළිකළ යුතු බවද හෙතෙම කීය.
මාධ්‍ය හමුවක් කැඳවමින් හෙතෙම මේ බව කීය.