අනුරගේ ජයග්‍රහණය ගැන සතුටුයි… මාලිමාණ්ඩුව සමග වැඩ කරන්න සූදානම්…! – පෙරටුගාමී සමාජවාදී පක්ෂය..

September 28, 2024 at 10:03 am | by emanisa.lk

ජනාධිපතිවරණයේ දී ජාතික ජන බලවේගය ජයග්‍රහණය කිරීමට වඩා මේ රටේ ජනතාව සාම්ප්‍රදායික දේශපාලන බලවේග ප්‍රතික්ෂේප කර අලුත් තීන්දුවක් ගැනීම පිළිබඳ තමන් බරපතළ ලෙස සතුටු වන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක නුවන් බෝපගේ පවසයි.

තම පක්ෂය සමාජවාදය පිළිගන්නා පක්ෂයක් වුව ද ජාතික ජනබලවේගය අධ්‍යාපනය සෞඛ්‍ය වෙළඳ භාණ්ඩයක් සේ සලකන, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙළ පිළිගන්න පක්ෂයක් බව ඔවුන්ගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් තහවුරු වන බවයි, නුවන් බෝපගේ අවධාරණය කළේ.

මේ අවස්ථාවේ ලාභය ප්‍රමුඛ කොට සලකන ලිබරල් ආර්ථික ක්‍රමය පිළිගෙන සිටින ජාතික ජන බලවේගය සිය ප්‍රතිපත්ති යම් ප්‍රමාණයකට සමාජවාදී දිශානතිය කරා යොමු කරන්නේ නම් තම පක්ෂයට යම් පමණකට ඔවුන් සමග එකතු වී වැඩ කිරීමේ හැකියාවක් ඇතැයි ද හෙතෙම සඳහන් කරයි.

දිවයින පුවත්පත් සමග සාකච්ඡාවකට එකතු වෙමින් නුවන් බෝපගේ මේ බව ප්‍රකාශ කොට තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *