අනුන් ගත් ණය ගෙවන්න ජනතාව කැමති නම් ඇප නැතිව ණය දෙන්න පුළුවන්…! – මහ බැංකු අධිපති…

July 25, 2024 at 9:19 am | by emanisa.lk

සංවර්ධන බැංකු සංකල්පය පිළිබඳ බොහෝ කලක සිට සාකච්ඡාවක් පවතින බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ සඳහන් කරයි.

කෙසේ වුව ද ඇප නොමැතිව ණය පහසුකම් ලබා දෙන්නේ නම් ඒ සඳහා බැංකුවට රජය සහතිකයක් ලබා දිය යුතු බව ද හෙතෙම පෙන්වා දෙයි.

රජය එවැනි සහතිකයක් ලබා දීමේ අදහස අදාළ ණයකරු ණය නොගෙවන්නේ නම් මහජන බදු මුදලින් රජය එම ණය මුදල පියවීම බව ද මහ බැංකු අධිපතිවරයා සඳහන් කරයි.

රටේ ජනතාව සිය බදු මුදල් යොදවා කිසිවෙකු ලබා ගෙන නොගෙවන ලද ණයක් ගෙවීමට කැමති නම් ඇප නොමැතිව ණය ලබා දීමේ සංකල්පය ක්‍රියාත්මක කළ හැකි බව ද ඔහු පවසයි.

මාධ්‍ය හමුවක් අතර මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *