අනීතිකව කන්ටේනර් නිදහස් කිරීමේ ජනපති වාර්තාව එයි… රතු ලේබල් කන්ටේනර් 37ක් සහ ස්කෑන් කළ යුතු 103ක් නිකන්ම නිදහස් කරලා…..!

June 30, 2025 at 12:49 pm | by emanisa.lk

පසුගිය ජනවාරි 18 වෙනිදා රේගුවේ අනිවාර්ය පරික්ෂාවට ලක්විය යුුතු රතු ලේබල් බහාළුම් 37ක් කිසිදු පරික්ෂාවකින් තොරව නිදහස් කර ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් පවසයි.

ස්කෑන් පරීක්ෂාවක් සිදු නොකර බහාලුම් තොගයන් නිදහස් කිරීම සම්බන්ධව එල්ල වූ චෝදනා විමර්ශනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කමිටු වාර්තාව අද (30) පාර්ලිමේන්තුවේදී සභාගත කරමින් ඔහු අනාවරණය කළේ එම බහාළුම් ස්කෑන් පරික්ෂාවට ලක් කළ බවට රේගු නිලධාරීන් සටහන් කර තිබුණ ද එම වාර්තා අසත්‍ය බවයි.

තව ද ස්කෑන් කළ යුතු බහාලුම් 103ක් කිසිදු ස්කෑන් පරීක්ෂාවක් සිදු නොකර නිදහස් කර ඇතැයිද පැවසූ මන්ත්‍රීවරයා, මෙම බහාලුම් නිදහස් කිරීමට තීරණය කරන ලද්දේ පසුගිය ජනවාරි 18 වැනි දින වුවත් එම තීරණය ගැනීමට පෙර දිනය වූ ජනවාරි 17 වැනි දින ද බහාලුම් 02ක් නිදහස් කර ඇති බව ප්‍රකාශ කරයි.

ආණ්ඩුව විසින් මෙම කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර සඟවා තබා ගත් බවට ද චෝදනා කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *