මේ වන විට මහත් ආන්දෝලනයකට ලක්ව ඇති අනියම් ප්‍රාඩෝ සිද්ධියට සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියට ඉල්ලා අස්වන ලෙස බලපෑම් කරමින් ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.
කෙසේ වුව ද සිය බිරිඳගේ ප්‍රාඩෝ වර්ගයේ රථය බලහත්කාරයෙන් තබා ගැනීම ඇතුළු චෝදනා ගණනාවක් එල්ල වී ඇති මන්ත්‍රීවරයාට එවැනි බලපෑමක් සිදුකළ බවක් වාර්තා වන්නේ නැත.
මෙය කිසිසේත් පිළිගත නොහැකි බවත් ඉල්ලා අස්විය යුත්තේ අදාළ මන්ත්‍රීවරිය නොව මන්ත්‍රීවරයා බවත් ඇතැම් පාර්ශ්ව පෙන්වා දෙයි.
කලක් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වී දේශපාලනය කොට ඉන් ඉවත් වූ ඇතැම්හු අනියම් ප්‍රේමය යන චෝදනාව යටතේ අදාළ මන්ත්‍රීවරිය ඉවත් කරන තැනට කටයුතු කළහොත් එම තීන්දුව ගන්නා අයගේ පැටිකිරිය ද හෙළි කරන බවට දැනටමත් චෝදනා කරති.