අන්තරේ නව කැඳවුම්කරු 28 හැවිරිදි මධුෂාන්…! මහා ශිෂ්‍ය සංගමේ ඉඳලත් නෑ…! සුදුසුකම උපකුලපතිට කුණුහරුපෙන් බැණීම…!

May 21, 2023 at 8:18 am | by emanisa.lk

පසුගිය 14 වන දින වසන්ත මුදලිගේගේ ඉල්ලා අස්වීමත් සමඟ පුරප්පාඩුවූ අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ නව කැඳවුම්කරු ධූරය සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මධුෂාන් චන්ද්‍රජිත් පත්කර ඇත.

මේ වන විට 28 හැවිරිදිමධුෂාන් 2015 වර්ෂයේදී උසස් පෙළ විභාගයට පෙනී සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා තේරී පත්වූ ඇඹිලිපිටිය තෝරකොලයාය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

එසේම කොමියුනිස්ට්වාදී මතධාරියෙක් වන ඔහු විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමයක තනතුරක් නොදැරූ අයෙකු ලෙස අන්තරේ කැඳවුම්කරු ධූරයට පත් දෙවන පුද්ගලයා ද වන්නේය.

මධුෂාන් සිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාට පරුෂ වචනයෙන් බැණවැදීමක් සම්බන්ධව චෝදනා ලබා මේ වන විට වසර දෙකක පංති තහනමකට ලක්ව ඇත. මේ සම්බන්ධව ඔහුගේ පියා විසින් උපකුලපතිවරයා වෙත අභියාචනයක් ඉදිරිපත්කර තිබූ අතර එම අභියාචනය වෙනුවෙන් උපකුලපතිවරයා පසුගිය 19 වන දින ඔහුව කැඳවා තිබුණ ද මධුෂාන් එයට සහභාගී නොවී කොළඹට පැමිණ තිබිණි.

මේ අතර පිරිසක් විවෘත විශ්වවිද්‍යාලයේ මොහොමඩ් රිෆාන් අන්තර් විශ්වවිද්‍යාල කැඳවුම්කරු තනතුර සඳහා දැරූ උත්සාහය ව්‍යවර්ථ වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස