අන්තරේ කොළඹ විශ්වවිද්‍යලය වටලා පිරිසක් ප්‍රාණ ඇපයට ගැනීමේ සූදානමක….!

May 18, 2023 at 7:21 pm | by emanisa.lk

මානසික ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා ඉතා කඩිනමින් නව නීති සම්පාදනය කළ යුතුව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසයි.

අතේ ආයුධ නැතත් මනස නැමැති ආයුධයෙන් සන්නද්ධ වී සිටින අය හඳුනාගෙන ඔවුන් සමාජයට කරන අහිතකර ක්‍රියා වැළැක්වීම සඳහා නව නීති හඳුන්වා දී දිය යුතුව තිබෙන බව ද හෙතෙම කීය.

රටේ නීතිය ආරක්ෂා කිරීම සඳහා ආණ්ඩුව තදින් ක්‍රියා කරන බව කී වජිර අබේවර්ධන, පසුගිය දිනවල කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවලට හමුදාව කැඳවූයේ විශ්වවිද්‍යාල අත්පත් කර ගැනීමේ සැලසුමක් පවතින බවට රජයට ලැබුණු බුද්ධි තොරතුරක් අනුව බව ද කීය.

විශ්වවිද්‍යාල ඇතුලෙන්ම රජයට අදාල තොරතුර ලැබුණු බව කී වජිර අබේවර්ධන, විවිධ දේශපාලන අරමුණු තිබෙන අය මෙවැනි ක්‍රියා සිදු කරමින් සිටින බව කීය. ආගමික ගැටුම් නිර්මාණය කරමින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් කරන ක්‍රියා ජනාධිපතිවරයා විසින් පාලනය කරමින් සිටින බව ද අබේවර්ධන කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස