අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට එම ධූරයෙන් ඉවත්වීමට සිදුව ඇතැයි වාර්තා වෙයි.
මේ වන විට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය තුළ දැඩි ගැටුම්කාරී තත්ත්වයක් හට ගෙන ඇති අතර පේරාදෙණිය, රුහුණ ඇතුළු විශ්වවිද්‍යාල ගණනාවකින් අදාළ ධූරය සඳහා නාම යෝජනා ලබා දී නොමැත.
එහි නව කැඳවුම්කරු ලෙස විවෘත විශ්වවිද්‍යාලයේ මොහොමඩ් රිෆාන් පත්ව ඇත. ඔහු අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සභාපති ධූරයට පත් ප්‍රථම විවෘත විශ්වවිද්‍යාල සිසුවා බවට පත්වනු ඇත. එම ධූරය සඳහා තරඟ කළ කැලණිය විශ්වවිද්‍යාලයේ ජනිත් ජනජය ඡන්ද 22කින් පරාජය පත්විය.
වසර ගණනාවක් එහි කඳවුම්කරු ලෙස කටයුතු කළ වසන්ත මුදලිගේ අදාළ ධූරයෙන් විශ්‍රාම ගිය ද මෙතෙක් සිය උපාධිය සම්පූර්ණ කළ බවක් වාර්තා වන්නේ නැත.