අන්තරේට කොළඹ එන්න තහනම්…!

October 2, 2023 at 5:11 pm | by emanisa.lk

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ඇතුළු පාර්ශ්ව කිහිපයක් විසින් කොටුව දුම්රිය පොළ ඉදිරිපිට දී අද (02) සංවිධානය කර ඇති විරෝධතාවකට එරෙහිව අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලය, සෙරමික් හංදිය සිට NSA වටරවුම දක්වාත්, එතැන සිට බාලදක්ෂ මාවත දක්වාත් විරෝධතාකරුවන්ට ඇතුළුවීම වළක්වන ලෙසට කොටුව පොලීසියේ ස්ථානාධිපතිවරයා විසින් කළ ඉල්ලීමක් මත කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.

සමාජ මාධ්‍ය හා ත්‍රස්ත විරෝධී පනතට එරෙහිව විරෝධතාව සංවිධානය කර ඇති අතර, මදුෂාන් චන්ද්‍රජිත්, ගල්වැව සිරිදම්ම හිමි, දුමින්ද නාගමුව, ජොශප් ස්ටාලින්, ධම්මික මුණසිංහ, තැන්නේ ඤාණානන්ද හිමි ඇතුළු විරෝධතාකරුවන් නව දෙනෙකුට එරෙහිව එම නියෝගය නිකුත් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *