අනතුරක් වුණාම ඩ්‍රයිවර් බීල ද බලනවාද කියලා මම දන්නේ නෑ….! – මාලිමා මන්ත්‍රී….

December 13, 2025 at 7:48 pm | by emanisa.lk

රිය අනතුරක් වූ විට රියදුරා මත්පැන් පානය කර තිබේදැයි පරික්ෂා කරන්නේ කුමන් අවස්ථාවක දැයි තමන් නොදන්නා බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි පවසයි.

“ඇත්තට ම මම පෞද්ගලිකව ඒක දන්නේ නෑ. ඒක පොලිසියත් සෞඛ්‍ය අංශත් අතරේ තිබෙන කටයුත්තක්. ඒ ගැන මට පෞද්ගලික අදහසක් නෑ. එහෙම ඒවාට මම පෞද්ගලිකව ලක්වෙලත් නෑ. ඒ ගැන මට මුකුත් කියන්න බෑ. පොලිසියයි සෞඛ්‍ය අංශයි තමයි ඒ පිළිබඳ කාල රාමු දන්නේ.”

පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල ධාවනය කළ රිය අනතුරකට ලක්වීමෙන් අනතුරුව ඔහු මත්පැන් පානය කොට තිබුණේ දැයි පරික්ෂා කිරීම සඳහා වහා පරීක්ෂණයක් සිදු නොකිරීම පිළිබඳ මාධ්‍ය නැගූ පැනයකට පිළිතුරු දෙමින් චන්දන සූරියආරච්චි මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *