අධිවේගී මාර්ග රටක රුධිර සංසරණ පද්ධතිය වගේ… ඒවා නැතිව ආයෝජන ගේන්න බෑ…! – ඇමති සුනිල් හඳුන්නෙත්ති…

September 21, 2025 at 5:16 pm | by emanisa.lk

අධිවේගී මාර්ග පද්ධතිය ඉක්මනින් ගොඩනැඟීමට සිය ආණ්ඩුව වෙහෙසෙන්නේ ප්‍රවාහන පද්ධතිය රටක රුධිර සංසරණ පද්ධතිය වැනි නිසා බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි.

කොළඹ සිට යම් ආයෝජකයෙකුට නුවරට යෑමට පැය තුනක් ගතවන්නේ නම් එහි වටිනාකම ඔහු ගණනය කරන්නේ ඩොලර්වලින් බව ද ඇමතිවරයා පෙන්වා දෙයි.

පසුගිය ආණ්ඩු සමයේ තමන් විරුද්ධ වූයේ අධිවේගී මාර්ගවලට විරුද්ධ නොව එහි සිදු වූ නාස්තියට බව ද ඇමති හඳුන්නෙත්ති ප්‍රකාශ කරයි.

හම්බන්තොට වරායක් සහ ගුවන්තොටුපළක් හැදුව ද ඊට සමගාමීව කර්මාන්ත ආරම්භ කර නොමැති බවත් කිසිදු සැලැස්මක් නොමැතිව ඒවා ආරම්භ කළ නිසා එම සැලැස්මට මස් පිරවීමට සිදුව ඇත්තේ තම ආණ්ඩුවට බවත් ඔහු සඳහන් කරයි.

ඇමති සුනිල් හඳුන්නෙත්ති මේ බව ප්‍රකාශ කළේ, ජාතික රූපාවාහිනියේ සංවාදයකට එකතු වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *