අධිකරණ තීන්දුව ක්‍රියාත්මක නොකරන ලෙස දැනුම් දුන්නා… සියල්ලට ඉහළින් නීතිය පවතින රටේ මාලිමා මන්ත්‍රීනී….!

October 17, 2025 at 12:35 pm | by emanisa.lk

නාරාහේන්පිට ප්‍රදේශයේ අනවසර පදිංචිකරුවන් පිරිසක් ඉවත් කිරීම සම්බන්ධයෙන් අධිකරණ තීන්දුවක් ක්‍රියාත්මක නොකරන ලෙස තමන් දැනුම් දුන් බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී ලක්මාලි හේමචන්ද්‍ර පවසයි.

කොළඹ නගර සභාවේ ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව රැස්වීමකට පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ බව පැවසුවාය.

තමන් මේ සම්බන්ධයෙන් පොලිසියට උපදෙස් දුන් බව ද පැවසූ මන්ත්‍රීවරිය ඒ සම්බන්ධයෙන් එකඟතාවකට ද පැමිණි බව ද සඳහන් කළාය.

කෙසේ වෙතත් එම අවස්ථාවේ ඊට මැදිහත් වූ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල කියා සිටියේ අධිකරණ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීමේදී ඊට ආණ්ඩුව මැදිහත් වීමට කටයුතු නොකරන බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *