අධිකරණ ඇමතිට ආචාර්ය පට්ටම බිමල්ගේ කාර්යාලයෙන්… සියලු වාර්තා CIDයට…!

December 21, 2024 at 9:52 am | by emanisa.lk

අධිකරණ ඇමැති හර්ෂන නානායක්කාර මහතාගේ නමට ඉදිරියෙන් ‘ආචාර්ය’ නාමය යෙදීම පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තු නිලධාරීන් කිහිප දෙනෙකුගෙන් ප්‍රශ්න කිරීම් සිදුකර තිබේ.

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර විසින් ගොනුකර ඇති පැමිණිල්ලක් අනුවය.

ඒ අනුව ඊයේ (20) පස්වරුවේ පාර්ලිමේන්තුවට පැමිණි පොලිස් නිලධාරීන් පාර්ලිමේන්තු නිලධාරීන් තිදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇත. පොලිස් නිලධාරින් පාර්ලිමේන්තු වෙබ් අඩවියට තොරතුරු ඇතුළත් කිරීමට මුල් කරගත් ලිපි කිහිපයක් ද ඔවුන් බාරයට ගෙන ඇත.

මේ අතර වාර්තා වන්නේ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය යනුවෙන් සඳහන් කර ඇත්තේ පාර්ලිමේන්තුවේ සභා නායක කාර්යාලයෙන් ලැබුණු ලිපියක එසේ සඳහන්ව තිබු නිසා බව භාරදී ඇති වාර්තාවේ සඳහන් වන බව ද දැනගන්නට ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *