අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ ගැටලුව වෙබ් එකයි ධර්ම චක්‍රයයි නෙමෙයි… රටට බිහි කරන්නේ දැනුමක් නැති රස්තියාදුකාර පරපුරක්…! – ආචාර්ය චන්න ජයසුමන…

January 14, 2026 at 11:13 am | by emanisa.lk

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ගැටලුව සමරිසි වෙබ් අඩවිය හෝ ධර්ම චක්‍රය නොවන බවත් තමන් ඊට එරෙහි වූයේ වෙබ් අඩවි ගැටලුව මතුවීමට පෙර සිට බවත් හිටපු රාජ්‍ය අමාත්‍ය, ආචාර්ය චන්න ජයසුමන පවසයි.

මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඔස්සේ මෙතෙක් පැවති වාර විභාග සහ වාරාවසාන විභාග අහෝසි කර මොඩියුල ඇගයුම් ක්‍රමයක් හඳුන්වා දීම තමන් මතු කරන සැබෑ ගැටලුව බව ද ඔහු අවධාරණය කරයි.

සාමාන්‍ය පෙළ විභාගයට ඉතිහාසය ඇතුළු ඇතැම් විෂයන් අනිවාර්ය නොවන බවත් මොඩියුලවලින් තෝරාගත් ප්‍රශ්න කිහිපයක් පමණක් විමසන බවත් ප්‍රකාශ කරන හිටපු ඇමතිවරයා, මෙලෙස විභාග අහෝසි කිරීම නිසා දරුවන් විෂය අධ්‍යයන කටයුතුවලින් ඈත් වී කිසිදු දැනුමක් අවබෝධයක් නොමැති අධ්‍යාපනය කෙරෙහි ඇල්මක් නොමැති රස්තියාදුකාරයන් පිරිසක් බවට පත්වනු ඇතැයි ද ප්‍රකාශ කරයි.

ඊයේ (13) දෙරණ අලුත් පාර්ලිමේන්තුව සංවාදයට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *