අධ්‍යාපනය සඳහා 6%ක් එකවර දෙන්න අමාරුයි…! – අගමැතිනී හරිනි අමරසූරිය…

September 29, 2024 at 7:46 pm | by emanisa.lk

දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට හයක් අධ්‍යාපනය සඳහා වෙන් කළ යුතු බව සිය ප්‍රතිපත්තිය යැයි අගමැති, අධ්‍යාපන ඇමතිනී හරිනි අමරසූරිය පවසයි.

ඇය පෙන්වා දෙන්නේ ආර්ථික අර්බුදය තුළ එය එකවර කළ නොහැකි නමුත් ක්‍රමානුකූලව එම ඉලක්කය කරා යෑමට සැලසුම් කරන බවයි.

ඉදිරි අයවැය තුළ අධ්‍යාපනය සඳහා විශේෂ අවධානයක් ලබා දෙන බව ද අගමැතිනි හරිනි අමරසූරිය අවධාරණය කළාය.

අද (29) කොළඹ ආනන්ද විද්‍යාලයේ පැවැති ජාතික පාසල් විදුහල්පති හමුවකට එකතු වෙමින් අගමැතිවරිය මේ බව සඳහන් කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *