අධ්‍යාපනයට 06%ක් ඉල්ලා වෛද්‍ය සිසුන් යළි සටනට…!

February 7, 2025 at 1:20 pm | by emanisa.lk

අධ්‍යාපනයට සියයට හයක් වෙන් කිරීම ඇතුළු ඉල්ලීම් කීපයකට විසඳුම් වහා ලබාදෙන ලෙසට රජයට බලකරමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව සංවිධානය කළ විරෝධතා පා ගමන හේතුවෙන් ඊයේ (06) සවස දැඩි රථවාහන තදබදයක් ඇති විය.

මෙම විරෝධතා පා ගමන කොටුව දුම්රිය ස්ථානයෙන් අරඹා ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා ගමන් ගත් අතර, එම අවස්ථාවට සිසුන් විශාල පිරිසක් එක්ව තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් සාකච්ඡාවක් ලබාදෙන බවට පොරොන්දුවීම නිසා පිරිස ජනාධිපති ලේකම් කාර්යාලය අසල මාර්ගයේ ඊයේ රාත්‍රියේ රැඳී සිට ඇත.

2015 මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එරෙහි විරෝධතා ආරම්භ වූයේ ද අධ්‍යාපනයට 06%ක් ඉල්ලා සිදුකළ විරෝධතා ඔස්සේය. වත්මන් අගමැතිනි හරිනි අමරසූරිය, මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, ආචාර්ය මහීම් මෙන්ඩිස් ඇතුළු විශ්වවිද්‍යාලීය ආචාර්ය සමිති සම්මේලනය සහ ශිෂ්‍ය සංවිධාන ඊට නායකත්වය ලබා දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *