අධ්‍යාපනයට දෙන්න දැන් ඕන තරම් සල්ලි තියෙනවා….! – අගමැතිනිය…

August 29, 2025 at 12:01 pm | by Namal

ප්‍රතිශතය කෙසේ වුව ද අධ්‍යාපනය සඳහා වැය කිරීමට අවශ්‍ය තරම් මුදල් දැන් ඇතැයි අධ්‍යාපන අමාත්‍ය, අගමැතිනි හරිනි අමරසූරිය පවසයි.

දැන් ඇති අභියෝගය එම මුදල වැය කරන ආකාරය හඳුනා ගැනීම බවයි, ඇය පෙන්වා දෙන්නේ.

අධ්‍යාපන අමාත්‍යංශය සිය යෝජනා රැගෙන මුදල් අමාත්‍ය ජනාධිපති අනුර දිසානායක අද(29) හමු වන බව ද අගමැතිනිය ප්‍රකාශ කරයි.

පෙර අවස්ථාවල මෙන් නොව මෙවර අයවැය සකස් කරන්නේ අමාත්‍යංශ යෝජනා අනුව බව ද හරිනි අමරසූරිය සඳහන් කරයි.

ඈ මේ බව ප්‍රකාශ කළේ ස්වර්ණවාහිනී රතු ඉර වැඩසටහනේ දී මෙවර අයවැයෙන් අධ්‍යාපනය සඳහා කෙතරම් ප්‍රතිශතයක් වෙන්කරන්නේ දැයි මාධ්‍ය නැගූ පැනයට පිළිතුරු ලෙසිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *