අද 39ක් රට භාර ගන්න ආවට එදා සජිත් අනුරත් පැනලා දිව්වා…! – රනිල්…

September 15, 2024 at 8:04 pm | by emanisa.lk

අද ජනාධිපතිවරණය සඳහා 39 දෙනෙක් ඉදිරිපත් වුව ද එදා රටේ ජනතාව ජීවත් කරවීමට සහ නීතිය සාමය ආරක්ෂා කරලීමට කිසිවෙකු ඉදිරිපත් නොවූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

අද රට භාර ගැනීමට සූදානම් වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ හිටපු කෘෂිකර්ම අමාත්‍ය අනුර දිසානායක එදා ජනතාව ජීවත් කරලීමට ඉදිරිපත් නොවූයේ මන්දැයි ජනාධිපතිවරයා ප්‍රශ්න කරයි.

එදා ධාවන සපත්තු පැළඳ දුවන්නට සූදානමින් සිටි අය මෙන් තමා අභියෝග දැක පළා යන ඉල්ලා අස්වන පුද්ගලයෙකු නොවන බවත් සජිත් නැවත එජාපයට එකතු වන්නේ නම් ඔහුට අභියෝග හමුවේ පළා නොයා ඊට මුහුණ දෙන ආකාරය පහදා දෙන බව ද හෙතෙම සඳහන් කරයි.

දිනවමු ශ්‍රී ලංකා ජනහමුවක් අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *