අද රට රනිල් මහින්ද කාලේ තිබ්බ තැනත් නෑ… හාල් 180 ඉඳල 320 ගිහින් 220 වුණාම අඩු වෙලාද… කාංචන තෙල්වලින් ගහන හැටවත් අඩු කරන්න බැරිද…! – පොළේ ගිය නි. ඇමතිට ගොවියෙක් හොඳටම අමතයි…

February 2, 2025 at 2:48 pm | by emanisa.lk

වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය ඇමැති ආර්.එම්. ජයවර්ධන මහතා සහ ගොවියෙකු අතර ජීවන විදයම සහ ආණ්ඩුවේ පොරොන්දු පිළිබඳ උණුසුම් සංවාදයක් ඇති වී තිබේ.

ඒ නියෝජ්‍ය ඇමතිවරයා කැප්පෙටිපොළ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට පැමිණි අවස්ථාවේය.

එහි දී තමන් ද මාලිමාවට ඡන්දය දුන් අයකු බව සඳහන් කරමින් එම ගොවියා මෙසේ ද සඳහන් කළේය.

“මොනවාද වෙලා තියෙන්නේ මහත්තයා. ලක්ෂ තුනයි තිබ්බේ. ලක්ෂ 60කට ගත්තා. රනිල් මහත්තයා කළා. මහින්ද මහත්තයා කළා. ඒ. තිබ්බ තත්ත්වෙවත් තිබ්බා නම් අපි සතුටුයි. 180ට තිබ්බ හාල් කන්නේ 300ට. 180ට තිබ්බ හාල් 320ට ගිහින් 220 වුණාම අඩු වීමක් නෙමෙයි. 180ට තිබ්බ හාල් 150 වුණා නම් හොඳයි. ෆයිල් ගෙනැල්ලා රු. 150-160ට පෙට්‍රල් දෙන්න පුළුවන් කියලා අනුර කුමාර මහත්තයලා කිව්වනේ.”

එහි දී නියෝජ්‍ය ඇමැති ආර්.එම්. ජයවර්ධන මෙසේ ද කීය.

“තෙල් සංස්ථාව රු. බිලියන 300ක් පහුගිය අවුරුදු ගාණක් තිස්සේ පාඩු ලබලා තියෙනවා. ඒ බිලියන 300ම මහ බැංකුව භාර ගෙන තියෙනවා. තෙල් සංස්ථාවට කියලා තියෙනවා බිලියන 300 හොයලා දෙන්න. ඒකට තමයි, පහුගිය ආණ්ඩුව ලීටරේට රු. 50ක බද්දක් ගහලා තියෙන්නේ.”

එහි දී එම ගොවියා මෙසේ ද සඳහන් කළේය.

“කාංචන 60ක් ගහනවා කිව්වා නෙ. ඒකවත් අඩු කරලා දෙන්න බැරිද?”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *