අදානි සමාගම පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති අත්හිටවා ඇති අතර එම සමාගම විසින් මුලින් දරන ලද ඇමරිකානු ඩොලර් මිලියන ගණනක මුදලක් ශ්‍රී ලංකා රජයට ආපසු ගෙවීමට සිදුව ඇති බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.
ඉන්දියාවේ අදානි ග්‍රීන් එනර්ජි සමාගම, යෝජිත සුළං බලාගාර ව්‍යාපෘති දෙකකින් ඉවත්වන බව ශ්‍රී ලංකා රජයට මීට පෙර දැනුම් දී තිබිණි.
ජාතික ජන බලවේගය (NPP) ප්රමුඛ නව රජය, විදුලිය උත්පාදනය කිරීමේ පිරිවැය අඩු කරන ලෙස ඉල්ලා සිටීමෙන් පසු සමාගම මෙම තීරණය ගෙන ඇත. අදානි සමඟ ව්‍යාපෘතියට එකඟ වූ පෙර රජය විසින් නියම කරන ලද පිරිවැයට NPP රජය එකඟ නොවීය.
අදානි සමාගම මන්නාරම සහ පූනරීන් යන උතුරු පළාතේ නගරවල සුළං බලාගාර ව්‍යාපෘතියක් ඉදිකිරීමට නියමිතව තිබූ අතර, ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 442ක් ආයෝජනය කිරීමට සැලසුම් කර තිබුණි.
මෙම ව්‍යාපෘතිය මගින් 2025 වන විට ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 350ක විදුලියක් එක් කිරීමට අපේක්ෂා කෙරිණි.
අදානි සමාගමේ බලධාරීන් මෙම වසරේ මැයි මාසයේදී ශ්‍රී ලංකාවේ තිරසාර බලශක්ති අධිකාරිය (SEA) සමඟ සිදු කරන ලද පර්යේෂණ සහ විමර්ශන සඳහා මුලින් දැරූ වියදම් ආපසු ගෙවන ලෙස ඉල්ලා රජයට ලිපියක් යවා ඇත.
කෙසේ වෙතත් සියලු වියදම් ආවරණය වන පරිදි තවමත් නිශ්චිත මුදලක් සමාගම විසින් දක්වා නොමැත.
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය මෙම වන්දි ගෙවීම සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නොමැත. වත්මන් තත්ත්වය පිළිබඳව විමසූ විට, ඉහළ පෙළේ නිලධාරියෙක් ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් නීති උපදෙස් ලබා ගැනීමට නියමිත බවත් එම ගෙවීම් සඳහා කැබිනට් අනුමැතිය අවශ්‍ය බවත්ය.