වර්තමාන ආණ්ඩුව බලයට ගෙන එම සඳහා තම සංගමය දැඩි කැපවීමෙන් කටයුතු කළ බව සමස්ත ලංකා සුවසේවා සංගමයේ වෛද්‍ය සැපයුම් සංගමයේ සභාපති පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ දැන් තම සංගමය සහ සහ සේවකයන්ගේ ගැටලු කතා කිරීමට කිසිදු තැනක් නැති බවය.
වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයා මැතිවරණයට පෙර තමන් සමග බොහෝ අවස්ථාවල දුරකථනයෙන් කතාබහ කළ ද දැන් දුරකථනයට ප්‍රතිචාර දක්වන්නේ නැති බවටත් ඔහු චෝදනා කරයි.
ආණ්ඩුව අපහසුතාවට පත් කිරීමේ වුවමනාවක් තමන්ට නැති නමුත් තම ගැටළු සඳහා විසඳුම් ලබා ගැනීමට සාකච්ඡා කිරීමට අමාත්‍යවරයාට විනාඩි 15ක් ලබා දීමට නොහැකි තරම් කාර්යබහුල යැයි පිළිගත නොහැකි බව සභාපතිවරයා පෙන්වා දෙයි.