අත්දැකීම් නැති පිරිසකට රටක් පාලනය කරන්න බෑ…! – අනුරාධ ජයරත්න….

March 28, 2026 at 11:37 am | by emanisa.lk

අත්දැකීම් නොමැති මෙම කණ්ඩායමට ආණ්ඩුව පවත්වාගෙන යාමේ හැකියාවක් නොමැති බව තමන් මුල සිටම ප්‍රකාශ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න පවසයි.

උද්දච්ච නොවී, දැනුම, අවබෝධය සහ අත්දැකීම් ඇති නිවැරදි පිරිසක් එකතු කරගෙන, රට නිසි ලෙස කළමනාකරණය කළ යුතු බවට වූ පණිවිඩය මේ අවස්ථාවේදී ආණ්ඩුවට ලබා දිය යුතු බව ඔහු සඳහන් කරයි.

ජනතාව ඉන්ධන පෝලිම්වල සිටින ආකාරය අසල පිහිටි ඉන්ධන පිරවුම්හලකට ගියහොත් බලාගත හැකි බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *