අත්අඩංගුවට ගත් හිටපු නාවික හමුදාපති රිමාන්ඩ්…!

July 28, 2025 at 6:59 pm | by emanisa.lk

අද පස්වරුවේ අත්අඩංගුවට ගත් හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගෙතැන්න මහතා එළැඹෙන 30 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

නාවික හමුදා බුද්ධි අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළ සමයේ පොතුහැර ප්‍රදේශයේ සිදුව ඇති පුද්ගල පැහැර ගැනීමක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව හිටපු නාවික හමුදාපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව හිටපු නාවික හමුදාපතිවරයා අද පොල්ගහවෙල මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කර ඇති අතර එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ සැකකරු එළැඹෙන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *