මීට වසර තුනකට පෙර රුවන්වැලි සෑයේ චූඩා මාණික්‍යය ඉවත් කොට වීදුරු ගලක් පළදවා ඇති බවත්, පාදමේ තිබූ කෝටි 15,000ක පමණ මැණික් සොරකම් කොට ඇති බවත් ආචාර්ය අනූජ ජයසිංහ නම් අයෙක් ප්‍රකාශ කළේය.
එම හෑල්ල මිලියන ගණනින් වයිරල් විය. එකල්හි, වහාම ක්‍රියාත්මක වූ අටමස්ථාන නාහිමි එකී චෝදනාව විමර්ශනය කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලිඛිතව ඉල්ලීමක් කළේය.
ඒ අනුව පොලිස් විමර්ශනයක් සිදුවූූ අතර රුවන්වැලි සෑයේ එවැන්නක් සිදුව නැති බව තහවුරු විය.
අනූජ ජයසිංහ නැමැත්තා සතුව තමා කළ චෝදනාව ඔප්පු කිරීමට කිසිදු සාක්ෂියක් නොමැති විය.
ඒ අනුව අනුජ ජයසිංහට නමැත්තාට මහජන කැලඹීම යටතේ අධි චෝදනා ගොණු විය. අනුජ ජයසිංහ නමැත්තා ගම්පහ ප්‍රදේශයේ අයෙකි. පසුගියදා අටමස්ථාන නාහිමිට එරෙහිව නඩු නිමිත්තක් මතුවූයේ ගම්පහිනි.
තවද මෙම සිදුවීමට අනුජ ජයසිංහ නමැත්තා රහසිගත මැදිහත්වීමක් කර ඇති බව වාර්තා වෙයි.
මේ සම්බන්ධයෙන් මෙම ලියුම්කරු උසස් පොලිස් නිලධාරියකුගෙන් විමසීමක් කළේය. පොලිසිය මේ සියලු කරුණු ඔස්සේ ඉතා විධිමත්ව පරීක්ෂණ සිදු කරන බව උසස් පොලිස් නිලධාරියා ප්‍රකාශ කළේය.
Keerthi Ratnayake විසිනි