අඟුරුවාතොට ප්‍රදේශයේ මවක හා මාස 11 ක දියණියක ඝාතනය කිරීම පිළිබඳව චෝදනා එල්ල වී රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සැකකරු බන්ධනාගාරයේ දී ගෙල වැල ලා ගෙන මිය යයි.
හිටපු යුධ හමුදා සෙබළකු වන සැකකරු ඊයේ (22) පස්වරුවේ බන්ධනාගාර වාට්ටුවක් තුළ ගෙළ වැළලාගෙන මිය ගොස් ඇති බව බන්ධනාගාර පොලිසිය සඳහන් කරයි.
ඔහුගේ මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා රෝහල වෙත යොමුකර තිබේ.