අගෝස්තු අවසන් වන තුරු තෙල් තොග තියෙනවා… අනවශ්‍ය කලබල ඇති කරගන්න එපා…! – බලශක්ති ඇමති….

June 19, 2025 at 9:43 am | by emanisa.lk

මැද පෙරදිග යුද වාතාවරණය හේතුවෙන් මෙරට ඛනිජ තෙල් හිඟයක් ‍ඇති විය හැකි බවට ව්‍යාජ ප්‍රවෘත්ති සංසරණය වන බවත්, එහෙත් ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග තිබෙන බවත් විදුලිබල සහ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් බලශක්ති අමාත්‍යවරයා මේ බව පැවසීය.

අගෝස්තු මස අවසන් වන තෙක් අවශ්‍ය ඉන්ධන තොග තිබෙන බවත්, මෙම වසරේ දෙසැම්බර් මාසය දක්වා අවශ්‍ය ඉන්ධන සැපයුම් සඳහා ගිවිසුම් අත්සන් කර ඇති බවත් හෙතෙම සඳහන් කරයි.

මෙරටට පැමිණෙන බොහෝ ඉන්ධන තොල් පැමිණෙන්නේ යුදමය කලාපයන් පරිභාහිර ඉන්දියාව, සිංගප්පූරුව ආදී රටවල් හරහා නිසා ඒ පිළිබඳව ගැටලුවක් ඇති නොවන බව ද අනවශ්‍ය ලෙස තොග රැස්කර නොගන්නා ලෙස ද අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

අනවශ්‍ය ලෙස කලබල වෙමින් ඇතැම් පිරිස් ඉන්ධන තොග රැස්කර ගැනීම නිසා බූලී සහ බැරල්වලට ඉන්ධන නිකුත් කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටවූ බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *