අගමැති හරිනිගේ ප්‍රකාශ ඉතා ම ළාමකයි… ඡන්දේ දුන් ප්‍රජාව ලැජ්ජාවට පත්වෙලා…! – පාඨලී…

November 9, 2024 at 3:39 pm | by emanisa.lk

ආණ්ඩුව මුදල් අච්චු ගසා ඇති බවට චෝදනාවක් නැඟුණු අවස්ථාවේ පැරණි මුදල් නෝට්ටු දිරාගිය නිසා නව මුදල් අච්චු ගැසීමක් විය හැකි යැයි අගමැතිනි හරිනි අමරසූරිය ප්‍රකාශ කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

මේවා මහ බැංකු ක්‍රියාවලිය පිළිබඳ කිසිදු අවබෝධයක් නොමැති ඉතා ම ළාමක ප්‍රකාශ බවයි, හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ. එසේම තමන්ට ආරක්ෂක වාහන යොදා ගැනීමට සිදුවීම පිළිබඳ ප්‍රකාශය ද එවැනි ම ළාමක කතාවක් බවයි, පාඨලී චම්පික අවධාරණය කළේ.

මෙම ප්‍රකාශ ඔවුන්ට ඡන්දය ලබා දුන් උගත් ප්‍රජාවට කිසිසේත් නොගැළපෙන ප්‍රකාශ බව ද ඔහු පෙන්වා දෙයි.

රටේ උද්ධමන තත්ත්වය පාලනය කිරීම සඳහා මුදල් මහ බැංකුව තුළට ගැනීම සහ අවධමන තත්ත්වය පාලනය කිරීමට මුදල් නිකුත් කිරීම මහ බැංකුවේ ප්‍රධාන කාර්ය බව ද පාඨලී චම්පික රණවක සඳහන් කරයි.

රටේ මේ අවස්ථාවේ එවැනි මුදල් අච්චු ගැසීමක් සිදුව නොමැති අතර විදෙස් ප්‍රධානවලට සරිලන මුදල් අච්චු ගැසීමක් විය හැකි බව ද ඔහු ප්‍රකාශ කරයි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *