ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවෙහි නිරත පිරිසක් විසින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියට හූ තබා සිය විරෝධය පළ කර තිබේ.
අද (13) පෙරවරුවේ අමාත්‍යාංශය වෙත පැමිණි අග්‍රාමාත්‍යවරිය එතැනින් පිටත්ව යන අවස්ථාවේදී මෙම උණුසුම් තත්ත්වය හටගෙන ඇත.
විරෝධතාකරුවන් දිගින් දිගට ම හූ තබමින් අගමැතිනියට සිය විරෝධය පළ කළ අතර දැඩි පොලිස් ආරක්ෂාව මධ්‍යයේ ඈ පිටත්ව යන අයුරු දැකගත හැකි විය.
යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිව මෙම විරෝධතාකරුවෝ අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරත වෙති.