අගමැතිනියගේ රැස්වීම වර්ජනය කළ ගුරුවරුන්ගෙන් නිදහට කරුණු අසයි…!

March 25, 2026 at 11:52 am | by emanisa.lk

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පසුගිය මාර්තු 15 වැනිදා තංගල්ල නගර ශාලාවේදී පැවති විශේෂ රැස්වීමට සහභාගී නොවූ ගුරුවරුන් සම්බන්ධයෙන් වාර්තාක් ලබාදෙන ලෙස තංගල්ල කලාප අධ්‍යාපන කාර්යාලය විසින් කලාපයේ සියලුම පාසල්වල විදුහල්පතිවරුන් වෙත නියෝග කර තිබේ.

කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩබ්ලිව්. ඒ. එස්. ඩී. කල්‍යාණි විසින් සඳුදා (23) දිනයේ නිකුත් කරන ලද චක්‍රලේඛයක් මගින් මෙම දැනුම්දීම සිදුකර ඇත.

තංගල්ල අධ්‍යාපන කලාපයේ ගුරුවරුන් වෙනුවෙන් අදාළ රැස්වීම සංවිධානය කර තිබූ බවත්, ඊට සහභාගී වන පිරිසගේ විස්තර කලාප කාර්යාලය විසින් මීට පෙර අවස්ථාවකදී ද ඉල්ලා තිබූ බවත් එම නිවේදනය මගින් විදුහල්පතිවරුන් වෙත සිහිපත් කර දී තිබේ.

ඒ අනුව හෙට (26)0 දිනයට පෙර අදාළ රැස්වීම සඳහා තම පාසල් නියෝජනය කරමින් ගුරුවරුන් නොපැමිණීමට බලපෑ හේතු කලාප අධ්‍යාපන කාර්යාලය වෙත වාර්තා කරන ලෙස විදුහල්පතිවරුන් වෙත නියෝග කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස