අගමැතිතුමියට ලෝකේ තියෙන දරුණුම චෝදනාව කරනවා…! – බිමල්…

January 2, 2026 at 9:38 am | by emanisa.lk

අගමැතිනි හරිනි අමරසූරියට ලෝකෙ තියෙන නරකම චෝදනාව කරමින් සිටින බව ‍ප‍්‍රවාහන මහා මාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක පවසයි.

“මට මඩ ගැහුවානම් කිසි ප්‍රශ්නයක් නෑ. මේ කාට එරෙහිව ද මේ කටයුතු කරන්නේ. අගමැතිතුමියට ලෝකෙ තියෙන නරකම චෝදනාව කරනවා. කාන්තාවක් නේ. මොකක් නිසාද?

ඔබතුමන්ලා මන්ත්‍රී කෙනෙක් පොලිසිය නැතිව ආවොත් ගහනවාද? ගහන්න ද හිතං ඉන්නේ.

ඔබතුමන්ලා දන්නවා නිකං ඉන්න ඌරත් දරුණුයි. වෙඩි කාපු ඌරා ගොඩක් දරුණුයි. මැරෙන බව දන්නවා, මැරෙන ටිකේ ඌ ලොකු ෂොට් එකක් දී ගෙන යන්න හදනවා. දේශපාලන වශයෙන් වෙඩි කාලා අනාථ වෙලා ඉන්න දූෂිතයෝ සුළු පිරිසක් මේ.”

උත්සව සභාවක් අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *