ෆොන්සේකාගේ නිකන්ම නිකන් මන්ත්‍රී වෙයි! ෆීල්ඩ් මාර්ෂල් කබායත් ගැලවෙයි!

February 4, 2019 at 7:38 am | by admin

හිටපු හමුදාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකාගේ ෆීල්ඩ් මාර්ෂල් ධුරය ඉවත් කරන විශේෂ ගැසට් පත්‍රය ජනාධිපතිවරයා ලබන සතියේ නිකුත් කරන බව දැනගන්නට තිබේ. මෙයට පෙර ත්‍රස්තවාදය නිමා කරන සමයේ නාවික සහ ගුවන් හමුදාපති ලෙස කටයුතු කළ දෙදෙනාට ද ෆීල්ඩ් මාර්ෂල් තනතුරු දෙන බවට වාර්තා විය.

කෙසේ වුවද පසුව ජනාධිපතිවරයා එජාප ඇමතිවරුන් දෙදෙනෙකුට පවසා තිබුණේ ෆොන්සේකාගේ ෆීල්ඩ් මාර්ෂල් ධුරය ඉවත් කරන බවය. එසේම ඔහුට කිසිම ඇමති ධුරයක් ලබා නොදෙන බව ද ජනාධිපතිවරයා අවධාරණය කර තිබිණි.

මේ අතර ෆීල්ඩ් මාර්ෂල්වරයකුට කළ යුතු නිසි ගෞරවය සහිතව නිදහස් උළෙලට ආරාධනා කළහොත් පමණක් ඊට සහභාගී වන බව මන්ත්‍රීවරයා පවසා තිබිණි. එහෙත් මන්ත්‍රීවරයා අද ජාතික නිදහස් උළෙලට සහභාගී නොවූ අතර ඒ ඔහුට එවැනි ආරාධනයක් නොලැබී නිසා විය හැකිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *