ෆේස් බුක් ඇවිළෙයි! එක රැයින් සිංහල හදවත් දිනූ අරූන් ගෝඨා විරෝධි සටනේ!

February 16, 2019 at 3:49 am | by admin

පසුගිය දිනවල ප්‍රචාරය වූ රූපවාහිනි වැඩසටහනක් සමග දකුණේ සිංහල ජනතාව අතර අරුන් සිතාර්ත් මෛරයන් නම් උතුරේ තරුණයකු වීරයා බවට පත්විය. ඒ ඔහු උතුරේ බෙදුම්වාදී දේශපාලනයට එරෙහි එහි අධිපතිවාදී දේශපාලනයට සහ සිංහල විරෝධි දේශපාලනයට අභියෝග කරන මතවාදියකු ලෙස පෙනී සිටීම නිසාය. කෙසේ වුවද උතුරේ හමුදා රැඳී සිටීම වැනි දෑ ඔහු අතිශ්‍යෝක්තියට නඟා ව්‍යංගයෙන් විවේචනය කළේය.

මේ පරස්පරතා නිසාම පිරිසක් ඔහු කිසිවකුගේ පිල්ලියක් ලෙස අර්ථකථනය කළ අතර ඔහු රැවටිලිකාරයකු විය හැකි බවට සැක කළහ. අරූන් පසුගිය ජනවාරි මස ගෝඨා විරෝධි ලිපි ඔහුගේ ෆේස්බුක් වෝලයේ ප්‍රචාරය කර තිබීම සිය සැකය තහවුරු වීමක් ලෙස ඔවුහු දකිති. මීට පෙර අරූන් වීරයකු වූ බොහෝ පිරිසක් ද මේ සමග දෙගිඩියාවට පත්ව ඇති අතර ඇතැමුන් අතර දැනටමත් දෘෂ්ටයා වී හමාරවය. මේ අතර නොබෝදා යාපනේ සංචාරයක නිරත වූ අගමැති රනිල් වික්‍රමසිංහ ද අරූන් මුණගැසීි සාකච්ඡා කිරීමට අමතක නොකළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස